
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ, පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණ හේතුවෙන්.
එම තරග දෙකේදීම ශතක දෙකක් සමගින් කැපී පෙනෙන ලකුණු රැස් කිරීමක් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස්, ඔහු පෙර සිටි ස්ථානයට වඩා ස්ථාන 18ක් ඉදිරියට පැමිණ 46 වැනි ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.
එම තරගයේදීම පන්දුවෙන් දස්කම් පෑ ඔහු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 177 වැනියා බවට පත්ව ඇති බව සඳහන්.
මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ද එම තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 25 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ද මෙම තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුකොටගෙන 52 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.
එම තරගවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු ද ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ තිබෙනවා.
