ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් රග්බි කණ්ඩායමට මුදල් තෑගි

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් රග්බි කණ්ඩායමට මුදල් තෑගි

ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දස්කම් ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පොරොන්දු වූ අමෙරිකානු ඩොලර් 30,000 ක මුදල ජාතික රග්බි කණ්ඩායම වෙත ප්‍රදානය කර තිබෙනවා.

කසකස්ථානය පරදවමින් ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට උපහාර පිදීම වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද උත්සවයේදී මෙම ත්‍යාග ප්‍රදානය සිදුකළ බවයි සඳහන් වන්නේ.

මෙම මුදල් ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත පිරිනැමූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Share This