ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 04කට IPL අහිමියි?

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 04කට IPL අහිමියි?

බංග්ලාදේශය සමග පැවති දෙවන එක්දින තරගය අතරවාරයේදී අබාධයට ලක් වූ දිල්ෂාන් මධුශංකට මෙවර අයි පී එල් තරගාවලිය අහිමි වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව දිල්ෂාන් මධුසංක වෙනුවට දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මෆාකා මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.

දිල්ෂාන් මධුශංකට ඉන්දියානු රුපියල් කෝටි 4.6 ක මුදලකට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම මිලදී ගෙන තිබුණා.

එමෙන්ම වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණටද මෙවර අයි පී එල් තරගාවලියට එක් වීම අවිනිෂ්චිත වී ඇත්තේ ඔවුන්ටද තවමත් පවතින ආබාධවල පූර්ණ සුවයක් නොලැබීම හේතුවෙන්.

Share This