ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 117ක ඉලක්කයක්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 117ක ඉලක්කයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තා.

එහිදී Smriti Mandhana ලකුණු 46ක් සහ Jemimah Rodrigues ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේෂිකා ප්‍රබෝධනි, සුගන්දිකා කුමාරි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැඟින් දවා ගත්තා.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිව ඇති ඉලක්කය ලකුණු 117ක්.

Share This