ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අදත් ජය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අදත් ජය අහිමි වෙයි

20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් පරාජයට පත් වී තිබෙනවා.

ඉන්දියාව සමග පැවති එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 172ක් රැස් කිරීමට සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 82ක තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වුණා.

 

 

Share This