ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට ජය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට ජය

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත් වී තිබෙනවා.

ඒ, අද (02) සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 104ක් රැස් කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 110ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 31කදී ලකුණු 55ක් රැස්කළා.

Share This