
ශ්රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගය අනිද්දා
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය අනිද්දා(25) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
නවසීලන්තයේ – ඕක්ලන්ඩ්හීදි පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇති අතර සෙසු තරග දෙක 28වනදා සහ 31වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එසේම 20යි 20 තරග තුනක් ද දෙරට අතර පැවැත්වෙන අතර එම තරගාවලිය ආරම්භ වන්නේ ලබන මස 02වන දිනයි.
සෙසු තරග දෙක 05වනදා සහ 08වනදා පැවැත්වෙනු ඇති.