ශ්‍රී ලංකා නිලධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකුට චෝදනා

ශ්‍රී ලංකා නිලධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකුට චෝදනා

ඩොලර් මිලියන ගණනක යටිතල පහසුකම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිලධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඕස්ට්‍රේලියානු පොලිසිය මාස ගණනාවක් පුරා රටවල් කිහිපයක් පුරා සිදුකළ විමර්ශනයකින් අනතුරුව පසුගිය මාසයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෙම පුද්ගලයින් දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති සමාගමක සේවය කර ඇති බවත් මොවුන් අවුරුදු 67 සහ 71 යන වයස්වල පසුවන්නන් බවද සඳහන් වනවා

ඔවුන් තවමත් මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වා නොමැති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සඳහන් කර තිබෙන්නේ මෙම පුද්ගලයින් 2009 සිට 2016 දක්වා කාලය තුළ රජයේ නිලධාරීන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 304,000 ($ 190,000, £ 172,000) කට වඩා අල්ලස් ලබා දී ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14ක් වටිනා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් සඳහා මොවුන් අල්ලස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව සහ වෙනත් රටවල බලධාරීන් සම්බන්ධ වූ ඕස්ට්‍රේලියාව පදනම් වූ ඉංජිනේරු සමාගමක්  විමර්ශනයකින් පසුව මෙම චෝදනා එල්ල වී තිබෙනවා

Share This