ශ්‍රී ලංකා පාපන්දු පිළ චීන තායිපේ පරදයි
2027 ආසියානු කුසලාන පාපාන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ චීන තායිපේ කණ්ඩායම අද පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී තරග වැදුණා.
එහිදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 166 වැනි ස්ථානයේ සිටින චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ගෝල 3 ට 1 ක් ලෙස තරගය ජය ගන්නට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 200 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයක් .