
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දිසාවක් භාරව පළමු වරට නියෝජ්‍ය පොලිස්පතිවරියක්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට සහකාර පොලිස් අකධිකාරීවරයෙකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී යු.කේ වුට්ලර් මහතා පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරීවරයෙකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂධුරය සඳහා සහකාර පොලිස් අධිකාරී යු.කේ වුට්ලර් මහතා පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එම ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාසය භාර නිලධාරියා ලෙස පත් කර යවා තිබෙනවා.
ඊට අමතරව පොළොන්නරුව කොට්ඨාසය භාර නිලධාරියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. එම්. ද සිල්වා මහතා පානදුර කොට්ඨාසය භාරයට නිලධාරියා ලෙස ද එම තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ. රත්නායක මහතා සීතාවකපුර කොට්ටාස භාර නිලධාරියා ලෙස මාරු කර යවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ගල්කිස්ස කොට්ඨාස භාර නිලධාරියා සහ ගම්පොළ කොට්ඨාස භාර නිලධාරියාට ද ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. ජේ. ගුණසේකර මහතා ගල්කිස්ස කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එස්. මුතුමාල මහත්මිය පත් කර ඇත්තේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධක්ෂකවරිය ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කර ඇතැයි සදහන්.
අදාළ පත් කිරීම සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී යු. කේ. වුට්ලර් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම පත් කිරීමට අදාළව නිල නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බවයි.
පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී සී. ගුණරත්න මහතාට ශ්‍රී ලංකා පොලිස් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ධුරයද ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
ඊට අමතරව වැලිපැන්න පුත්තලම, කරදියනාරු, නවගත්තේගම, ආදුරුප්පුවීදිය ආදි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පොලිස් පරීක්ෂකවරුන් 5 දෙනෙකුට ද ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
මේ අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරය සදහා පත්කළ ඩබ්ලිව්. ජේ. පද්මිණි මහත්මිය අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දිසාවක් භාරව පත්කළ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති.