ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ සුමේධ

ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ සුමේධ

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව්වකින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සුමේධ රණසිංහ ක්‍රීඩකයා සමත් වී තිබෙනවා.

දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු එම දක්ෂතාවය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම තරග ඉසව්වේදී මීටර් 85.78ක දක්ෂතාවක් දැක්වීමට ඔහු සමත් වී තිබෙනවා.

ඒ අනුව සුමේධ රණසිංහ, ටෝකියෝ හි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

Share This