
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු විවාදය 24 නෑ!
ලබන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගෙන ඉදිරි දිනකදී විවාදයට ගැනීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබෙනවා.
ඒ වෙනුවට ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පැවැත්විමටත් මෙහිදි තිරණය වූ බව වාර්තා වුණා.