ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල

කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට කැබිනට් මණ්ඩල තීරණය කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා විසින් අදාල පත්වීම් ලිපිය කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා වෙත ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී ප්‍රදානය කළා.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කාලයක් නියැලෙමින් ලබාගත් අත්දැකීම් මත රටට හා සිවිල් ගුවන් සේවාවට විශිෂ්ට සේවාවක් ලබා දී ඇති ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ කපිතාන් රඹුක්වැල්ල මහතා, ගුවන් නිරුපද්‍රිතා, ගුවන් ආරක්ෂාව, ගුවන් යානා මෙහෙයුම්, ගුවන් යානා යෝග්‍යතා, කාර්ය මණ්ඩල හා බලපත්‍ර, අනතුරු විමර්ශන, ආරක්ෂක කළමනාකරණ පද්ධති, නීති සැකසීම සහ නියාමන අනුකූලතාව යනාදිය විෂයන් පිළිබදව දැනුමක් සහිත බව රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවා.

 

Share This