ශ්‍රී ලාංකේය ‘තේ’ අභිමානය ගෞරවාන්විත කරවන ”දල්ලකින් වෙනසක්”

ශ්‍රී ලාංකේය ‘තේ’ අභිමානය ගෞරවාන්විත කරවන ”දල්ලකින් වෙනසක්”

ලොවක් පිනවන සිරිලක තේ ගැන, ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ලොවෙත් නැතිවෙන්න ඒ රසය මතක් කලත් මුලු හදවතටම දැනෙනවා.

ඒත් 2013න් පස්සෙ අපේ රටේ තේ අස්වැන්න සැලකිය යුතු ලෙස අඩුවෙලා. රටට ඩොලර් ගෙනෙන ප්‍රධානම ආදායම් මාර්ගයක් වූ තේ අස්වැන්න රටේ ආර්ථිකයට කරන බලපෑම සුලු නැහැ. අස්වැන්න අඩුවීම ආර්ථිකයට මරු පහරක් එල්ල කරනවා වගේම ලක්ශ සංඛ්‍යාත ජනතාවකට එල්ල කරන බලපෑමත් පොඩි නැහැ.

ඔබ දන්නවාද අපේ රටේ තේ නිෂ්පාදනයේ සියයට 75 ලබා දෙන්නෙ කුඩා තේ වතු හිමියන් බව? රටේ තේ අස්වැන්න අඩුවීමත් සමග කුඩා තේ වතු හිමියන්ට මරු පහරක් එල්ලවුණා. එහෙම බලද්දී කුඩා තේ වතු හිමියන් ලක්ෂ 5 ක් අසරණවුනා.  මෙහෙම අසරණවූ කුඩා තේ වතු හිමියන් ලක්ෂ 5 අතර එම පවුල්වල සාමාජිකයින්ද වනවා. සංඛ්‍යාත්මකව එම පිරිස, පවුලක සාමාජිකයින් 4 ලෙස ගත්තොත් සමස්ථය ලක්ෂ 20 පමණ වෙනවා.

කවදත් ලංකාවේ කෘෂි ව්‍යාපාරයේ ප්‍රමුඛයාවූ, “CIC කෘෂි ව්‍යාපාර” මේ තත්වය හදුනාගෙන කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් දැවැන්ත ඉදිරි පියවරක් තැබුවා. ඒ ලොවක් පිනවන සිරිලක තේ කර්මාන්තය හා කුඩා තේ වතු හිමියන් රැක ගැනීම වෙනුවෙන් ඔවුන්ට ශක්තියක් ලබාදෙමින්.

රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක වුණා. ශ්‍රි ලංකාව තුළ යහපත් කෘෂි කාර්මික විප්ලවයක් ඇතිකරමින් කුඩා තේ වතු හිමියන්ට ශක්තියක් වෙමින් “CIC කෘෂි ව්‍යාපාර” මේ වනවිට එහි සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා.

මෙම වැඩ සටහන තවත් අර්ථවත් කරමින් ”දල්ලකින් වෙනසක්” ජාතික තේ සම්මාන ප්‍රධානය සිදුකෙරෙනවා. මෙහිදී කුඩා තේ වතු හිමියන් දිරිගන්වමින් ඔවුන්ව ඇගයීමට ලක් කිරිමට “CIC කෘෂි ව්‍යාපාර” කටයුතු කරන්නේ ජාතික වගකීමක් ඉටුකරමින්.

මේ ජාතික ක්‍රියාදාමය වෙනුවෙන් “ශ්‍රී ලාංකේය අභිමානය – ස්වර්ණවාහිනි” සහ “සිත – FM” මාධ්‍ය මෙහෙවර ඉටුකරනවා.

”දල්ලකින් වෙනසක්” තේ අස්වනු සංග්‍රාමය ජාතික සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නි.අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන ප්‍රදානෝත්සවයට CIC ප්‍රධාන විධායක නිළධාරී අරෝශන් සේරසිංහ මහතා, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ, [සමූහ] ප්‍රධාන විධායක නිලධාරී, නීතිඥ සුසාර දිනාල් මහතා සමඟින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොල මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් රැසක් සහභාගීවුණා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් හොදම ගොවි කණ්ඩායම, ගාල්ල දිස්ත්‍රික් හොදම ගොවි කණ්ඩායම හා මාතර දිස්ත්‍රික් හොදම ගොවි කණ්ඩායමට සම්මන සහ ත්‍යාග පිරිනැමුණා. එමෙන්ම ගොවි නායකයින්ද සම්මානනිය කරන්නට “CIC කෘෂි ව්‍යාපාර” කටයුතු යොදා තිබුණා.

ජයග්‍ර්‍රාහකයින්ට ඉන්දියාවේ තේ පර්යේෂණ ආයතන‍යේ පුහුණු සැසියකට සහභාගීවීමේ අවස්ථාවද හිමිවෙනවා.

දල්ලකින් වෙනසක් තේ අස්වනු සංග්‍රාමය වැනි ව්‍යාපෘතිය මගින් ලංකාවේ තේ අස්වැන්න ඉහල දැමීම සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් දායකවූ රාජ්‍ය ආයතන, කුඩා තේවතු සමිති සංවිධානය සහ “CIC කෘෂි ව්‍යාපාර” වෙත විශේෂ ඇගයීම් සම්මානයක් මෙහිදී නි.අමාත්‍යවරයා අතින් පිරි නැමුණා.

“ස්වර්ණවාහිනි” සහ “සිත – FM” මාධ්‍ය මෙහෙයුමෙන් ” තේ වගාවටත්, වගාකරුවන්ටත් සේවාවන් රැසක් සිදුකරන රාජ්‍ය ආයතන හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය,  ශ්‍රී ලංකා තේ පර්යේෂන ආයතනය සමඟින් සමස්ථ ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයද එක්ව,  ලංකාවේ කෘෂි ව්‍යාපාරයේ ප්‍රමුඛයාවූ, “CIC කෘෂි ව්‍යාපාර”  ලාංකේය තේ වංශ කතාවේ ඉදිරිය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක් ලෙසයි ”දල්ලකින් වෙනසක්” ඉතිහාසයට එක්වන්නේ…

  • Sajith Ranasinghe
Share This