
ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නියුතු වූවන්ගේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය පරීක්ෂා කරයි
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරක් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවැත් වුණා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවයේ නියුතු වූවන්ගේ සුභ සාධනය උදෙසා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සංකල්පයක් මත ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් අරවින්ද ගුණරත්න මහතාගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සහභාගි වී සිටියා.
මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවයේ නියතු වූවන් සහ නීතිඥ මහතුන් ඇතුළු පරිශ්‍රයේ ක්‍රියාකාරීන් සියලු දෙනාගේම දෘශ්‍ය සහ ශ්‍රව්‍ය පරීක්ෂාවන් සිදු කරනු ලැබුවා.