ශිෂ්‍යත්වයට හෙට යන දරුවන් – දෙමාපියන් දැනගන්නම ඕන දේවල් විභාග කොමසාරිස් කියයි (VIDEO)

ශිෂ්‍යත්වයට හෙට යන දරුවන් – දෙමාපියන් දැනගන්නම ඕන දේවල් විභාග කොමසාරිස් කියයි (VIDEO)

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත් වෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වෙන මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 7,951 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

හෙට (09) පෙරවරු 9:30 ට විභාගය ආරම්භ වන අතර සියලු දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට වාර්තා කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවා.

මුලින්ම දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11:15ට සිට 12:15 දක්වා පැයක කාලයක් පිළිතුරු සැපයීමට සිසුන්ට අවස්ථාව හිමි වනවා.

විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම් දීමේ හැකියාව පවතිනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වුණා.

Share This