ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණය කරයි

ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණය කරයි

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

කළින් පිට වී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

අද (14) මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළා.

Share This