
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී
කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (04) පැවැත් වුණා.
කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයට මෙම අවස්ථාව හිමි වී තිබුණේ ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීවයි.
එහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකාවන්ව අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් සිදු කළා.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකාවන් හට සහභාගිත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද මේ හා සමගාමීව සිදු කෙරිණි.