ෂී ජින් පින්ගෙන් කිම් ජොන් උන්ට සහතිකයක්
නව ලෝක තත්ත්වය හමුවේ උතුරු කොරියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පින් අවධාරණය කරනවා.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත විශේෂ පණිවිඩයක් යොමුකරමින් ඔහු සදහන් කර ඇත්තේ සහයෝගයෙන් සහ මිත්‍රත්වයෙන් යුතුව සහය දීමට තමන් සූදානම් බවයි.
උතුරු කොරියාවේ සංවර්ධන කටයුතු සදහා චීනයේ සහය හිමිවන බව ද ජනාධිපති ෂී ජින් පින් මෙහිදී පවසා තිබෙනවා.
යුක්රේන රුසියා අර්බුදයේ දී චීනය යම් නිහඩ බවක් අනුගමනය කළ ද ඔවුන් කටයුතු කරන්නේ රුසියාවට පක්ෂපාතීව බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.
මෙම පසුබිම මැද ජාත්‍යන්තර ප්‍රජාවේ විරෝධය නොතකා උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ටික අවි අත්හදාබැලීම වැනි කටයුතුවල නිරත වනවා.
එසේ තිබියදීත්, චීන ජනාධිපතිවරයා මෙළෙස උතුරු කොරියාවට සිය සහය පළකිරීම විශේෂ වැදගත්කමකින් යුතු සිදුවීමක් බවයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.