සංක්‍රමණිකයන්ගේ වැඩිවීම නිසා මෙක්සිකෝවේ මාර්ග 60ක දුම්රිය ක්‍රියාකරුවන් ධාවනය අත්හිටුවයි

සංක්‍රමණිකයන්ගේ වැඩිවීම නිසා මෙක්සිකෝවේ මාර්ග 60ක දුම්රිය ක්‍රියාකරුවන් ධාවනය අත්හිටුවයි

භාණ්ඩ ප්‍රවාහන දුම්රියවල ගමන් කරන සංක්‍රමණිකයන්ගේ වැඩිවීමක් හේතුවෙන් මෙක්සිකෝවේ දුම්රිය මාර්ග මෙහෙයවන සමාගමක් විසින් මාර්ග 60ක දුම්රිය ධාවනය කිරීම අත්හිටුවා තිබෙනවා.

අනතුරු සහ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා මෙක්සිකෝවේ සිට එක්සත් ජනපද දේශසීමාව දෙසට ගමන් කරන දුම්රිය 60 ක ධාවනය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ

භාණ්ඩ ප්‍රවාහන දුම්රියවල ගමන් කිරීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ජාලය සංක්‍රමණිකයන් විසින් හඳුන්වනු ලබන්නේ La Bestia (The Beast) ලෙස වන අතර බොහෝ දෙනෙක් මෙක්සිකෝවේ දකුණේ සිට එහි උතුරු මායිම දක්වා කිලෝමීටර් 3,000ක ගමන වේගවත් කිරීමට අවදානමක් දරමින් යොදා ගන්නා බව සඳහන්

දුම්රිය සාමාන්‍යයෙන් භාණ්ඩ පුරවා ඇති බැවින්, බොහෝ දෙනෙක් දුම්රිය වහලය මත හෝ එහි පැතිවලින් එල්ලී ගමන් කරන බවයි දුම්රිය ක්‍රියාකරුවන් පවසන්නේ

සංක්‍රමණිකයන් වැටුණොත්, ඔවුන්ගේ ජීවිතය සහ අත් පා අහිමි වීමේ අවදානමක් ඇති බවත් සංක්‍රමණිකයන් කොල්ලකන, දූෂණය කරන සහ කප්පම් ගන්නා කල්ලි විසින් ද දුම්රිය ඉලක්ක කර ඇති බවත් පැවසෙනවා

මෙක්සිකෝව හරහා එක්සත් ජනපදයට ගොඩබිම් මාර්ගයේ ගමන් කරන ළමුන්ගේ සංඛ්‍යාව වැඩි වීම පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවල අනතුරු ඇඟවීම්ද පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This