සංක්‍රමණිකයන් කෙරෙහි ඉවසීමෙන් කටයුතු කරන ලෙස පාප්වහන්සේගෙන් ඉල්ලීමක්

සංක්‍රමණිකයන් කෙරෙහි ඉවසීමෙන් කටයුතු කරන ලෙස පාප්වහන්සේගෙන් ඉල්ලීමක්

සංක්‍රමණිකයන් කෙරෙහි වැඩි ඉවසීමක් දක්වන ලෙස ප්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු ප්‍රංශයේ Marseille නගරයේ සංචාරයකදී යුරෝපීය ජාතීන්ගෙන් සිටිනවා.

මධ්‍යධරණී රටවල රදගුරුවරුන්ගේ සහ තරුණ තරුණියන්ගේ රැස්වීමකදී පාප් වහන්සේ ප්‍රකාශ කළේ මුහුදේදී දිවි පරදුවට තබා පැමිණෙන සංක්‍රමණිකයන් ආක්‍රමණය නොකරන බවයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දේශනය සඳහා පැමිණ සිටි පිරිස අතර සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රංශයේ Marseille වෙත පැමිණි පාප් වහන්සේට ආචාර කළ ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gerald Darmanin කියා සිටියේ පැමිණෙන සංක්‍රමණිකයන් රට පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුව පසුගිය සතියේ සඳුදා සහ බදාදා අතර බෝට්ටු 199 කින් 8,500 ක් පමණ ලැම්පෙඩුසා වෙත පැමිණ තිබෙනවා. .

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළේ සංක්‍රමණය හදිසි අවස්ථාවක් නොව අපගේ කාලයේ යථාර්ථයක්, මධ්‍යධරණී මුහුද අවට මහාද්වීප තුනක් සම්බන්ධ වන ක්‍රියාවලියක් වන බවයි.

එමෙන්ම එම සංක්‍රමණ අවම කිරීමට නම් සංක්‍රමණිකයන් වෙනුවෙන් ඉවසීමෙන් හා දුර දක්නා නුවණින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි පාප්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

Share This