සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී යාමෙන් 29ක් මරුට

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී යාමෙන් 29ක් මරුට

ටියුනීසියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බෝට්ටු දෙකක් පැය කිහිපයක් ඇතුළත ගිලී යාමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් 29 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සංක්‍රමණිකයන් මධ්‍යධරණී මුහුද තරණය කරමින් ඉතාලියට පැමිණීමට උත්සාහ කරමින් සිටි බවයි එරට බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

යුරෝපයේ වෙරළට පැමිණෙන විශාල සරණාගතයන් පිරිසක් ඉතාලියට පැමිණීමේ අවදානමක් ඇති බවට එරට අගමැතිනි Giorgia Meloni අනතුරු අඟවා තිබෙනවා.

ටියුනීසියාව යුරෝපයට පැමිණීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවල සඳහන් වනවා.

මේ වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000 ක් ටියුනීසියාව හරහා යුරෝපයට පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Share This