සංක්‍රමණිකයන් 227 දෙනෙකු බේරා ගනී

සංක්‍රමණිකයන් 227 දෙනෙකු බේරා ගනී

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට ආසන්නයේ දී සංක්‍රමණිකයන් 227 දෙනෙකු බේරා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අත්ලාන්තික් සාගරයේ Lanzarote සහ Gran Canaria දූපත් අසල මෙම සංක්‍රමණිකයින් බෝට්ටුවල ගමන් කරමින් සිටි බවයි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

මොවුන්ගෙන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර තිබෙනවා

සංක්‍රමණිකයන් 30 කට වැඩි පිරිසක් මුහුදේ ගිලී මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

කැනරි දූපත් කලාපයේ නායක ඒන්ජල් වික්ටර් ටොරස් මෙම සිදුවීම ඛේදවාචකයක් ලෙස පවසමින් සංක්‍රමණ ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබෙනවා

 

Share This