සංක්‍රමණිකයින්ගේ ඉහළයාම නැවැත්වීමේ අරමුණින් බයිඩන්ගේ පරිපාලනය ගත් පියවර

සංක්‍රමණිකයින්ගේ ඉහළයාම නැවැත්වීමේ අරමුණින් බයිඩන්ගේ පරිපාලනය ගත් පියවර

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය සංක්‍රමණිකයින්ගේ ඉහළයාම නැවැත්වීමේ උත්සාහයක් ලෙස දකුණු ටෙක්සාස් හි දේශසීමා තාප්පයේ කොටසක් ඉදිකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කිලෝ මීටර් 32ක පමණ දුරකට මෙක්සිකෝ මායිම දිගේ Starr ප්‍රාන්තයේ එය ඉදිකරනු ඇති බවයි පැවසෙන්නේ

2020 දී ජෝ බයිඩන් පොරොන්දු වූයේ ඔහු තේරී පත් වුවහොත් මෙලෙස තාප්පයක අඩියක්වත් ඉදි නොකරන බවයි.

කෙසේවෙතත් මේ වසරේ හරස් මාර්ග 245,000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව රජයේ දත්ත පෙන්වා දී තිබෙනවා

මේ අතර නීතිවිරෝධී ඇතුල්වීම් වැලැක්වීම සඳහා එක්සත් ජනපදයේ දේශසීමා ආසන්නයේ භෞතික බාධක සහ මාර්ග ඉදිකිරීමේ උග්‍ර සහ ක්ෂණික අවශ්‍යතාවයක් දැනට පවතින බව ස්වදේශ ආරක්ෂක ලේකම් Alejandro Mayorkas නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

පවුර ඉදිකිරීම අනුමත කිරීම සඳහා පිරිසිදු වායු පනත සහ සුරක්ෂිත පානීය ජල පනත ඇතුළු ෆෙඩරල් නීති බොහෝ ගණනක් ඉවත් කර ඇති බවද පැවසෙනවා

නව පවුර ඉදිකිරීම අනුමත කිරීම සඳහා Biden පරිපාලනය සිය බලතල භාවිතා කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

නවතම දත්ත වලට අනුව, එක්සත් ජනපද දේශසීමා මුර සංචාරය අතරතුර අගෝස්තු මාසයේදී දකුණු දේශසීමාවේ පුද්ගලයින් 181,059 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එය ජූලි මාසයේදී 132,648 ක් වූ බවද සඳහන්

මෙක්සිකෝවේ ජනාධිපති Andrés Manuel López Obrador පැවසුවේ පසුගිය සතියේ පමණක් දිනකට පුද්ගලයින් 10,000 ක් දේශසීමා වෙත පැමිණි බවයි.

Share This