සංක්‍රමණික ගැටළුව විසඳන්න ඉතාලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සංක්‍රමණික ගැටළුව විසඳන්න ඉතාලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සංක්‍රමණික ගැටළුව විසඳීම සඳහා ඉතාලි රජය විසින් මාස 6 ක කාලයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලිය වෙත පැමිණි සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ඉතාලි රජය පවසන්නේ හදිසි තත්ත්වයක් පැනවීමෙන් පමණක් සංක්‍රමණික ගැටළුව පාලනය කළ නොහැකි අතර ඒ සඳහා යුරෝපා සංගමයේ දැඩි මැදිහත්වීම ද අවශ්‍ය බවයි.

Share This