සංගීත සංදර්ශනයක් අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයෙක් මිය යයි

සංගීත සංදර්ශනයක් අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයෙක් මිය යයි

වීරකැටිය ප්‍රදේශයේ මොරයාය හන්දිය අසළ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 06 දෙනෙක් තුවාල ලබා වීරකැටිය සහ තංගල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වීරකැටිය පොලීසිය සඳහන් කරන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 30 වූ මොරයාය දකුණ, වෑකඳවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සංගීත සංදර්ශනය නැරඹීම සඳහා පැමිණි පිරිසක් එම භූමියේ සිටි සාරවිට වෙළෙන්දෙකු අතර ඇතිවූ ආරවුලක් විසඳීම සඳහා සංවිධායක මණ්ඩලයේ පුද්ගලයෙකු මැදිහත්වී ඇති බවත් එම පිරිස විසින් ඔහුට පහරදීම හේතුවෙන් සංවිධායක මණ්ඩලයේ පිරිස විසින් පිහියකින් පහර දීම හේතුවෙන් මෙම ගැටුම සිදුවී ඇති බව සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන වීරකැටිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Share This