සංචාරකයින් පසුපස පැන්නූ කවුඩුල්ලේ ඇසල (VIDEO)

සංචාරකයින් පසුපස පැන්නූ කවුඩුල්ලේ ඇසල (VIDEO)

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට වන අලින්ගේ සිරි නරඹීම සඳහා මේ දිනවල දෙස් විදෙස් සංචාරයකින් විශාල පිරිසක් පැමිණෙනවා.

එසේ පැමිණි සංචාරයකින් පිරිසකට ඊයේ දිනයේ දී තරමක් අවදානම් අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ඇසළ ලෙස නම් දරා සිටින ඇතා නැරඹීමට සංචාරකයින් පිරිසක් ගිය අවස්ථාවේ ඔවුන් ගම්න් ගත් සෆාරි ජීප් රථය පිටුපස මීටර් 300 කට වැඩි දුරක් විටින් විට එළවීම එහි සිටි අයකුගේ කංගම දුරකතනයක ව්තීඩියෝගත කර තිබුණා.

හස්තියෙකු මීටර් පනහකට හැටකට ආසන්න දුරක් පැන්නීම සාමාන්‍යයෙන් සිදුවුව ද ඇසල හස්තියා එසේ හැරී නොගොස් මෙම සෆාරි ජීප් රථය පසුපස එළවාගෙන ගියේ තරමක් අසාමාන්‍ය ලෙසින්.

මෙම ඇතාගෙන් බේරීමට ඔවුන් නියමිත ධාවන මන්තීරුවේ ගමන් කර එම ස්ථානයෙන් ඉවත්වීමට කටයුතු කළා.

මෙම ඇතාගේ ජීප් රථය පටුපස එළවිල්ල සම්බන්ධව කවුඩල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ ඇසළ හස්තියා මේ දිනවල මද කිපීමේ තත්ත්වයකට පත් වී ඇති බවත් එම තත්ත්වය මත මෙසේ සංචාරකින් පසුපස දීර්ඝ වෙලාවක් පැන්නීමට හේතුව වන්නට ඇති බවයි.

Share This