සංචාරකයින් පැය ගණන් රස්තියාදු කරන කවුඩුල්ල වනෝද්‍යානයේ ටිකට් පෝළිම්

සංචාරකයින් පැය ගණන් රස්තියාදු කරන කවුඩුල්ල වනෝද්‍යානයේ ටිකට් පෝළිම්

දෙස් විදෙස් සංචාරකයින් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට මේ දිනවල විශාල වශයෙන් පැමිණෙන අතර විදේශීය සංචාරකයකුගේ අය කෙරෙන මුදල ඩොලර් තිස්පහක්.

එහි නිලධාරියෙකු සඳහන් කළේ දෛනිකව රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට අධික මුදලක් මේ දිනවල කවුඩුල්ල ජාතික වනෝද්‍යානයෙන් ලැබෙන බවයි

දිනකට සපාරි ජීප් රථ තුන්සිය පනහකට අධික සංඛ්‍යාවක් ජාතික වනෝද්‍යාන‍යේ වන අලින් නැරඹීමට පැමිණෙන සචාරකයින් ප්‍රවානය කරනවා.

ඔවුන්ට දහවල් දෙක පමණ වන විට අලි ඇතුන් නැරඹීමට වනෝද්‍යානය තුළට පිවිසෙන්නට අවශ්‍යතාවයක් තිබුණත් පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදූ විම නිසා
පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වනවා.

සංචාරක මඟ පෙන්වන්නන් පවසන්නේ දහවල් දෙක පමණ වන විට උද්‍යානය තුළට පිවිසීමට නම් උදැසන දහය – එකොළහේ සිට වනෝද්‍යානය අසලට පැමිණ සංචාරකයින්ට ජීප් රථවලටම වී සිටීමට සිදුවීම නිසා දැඩිව අප හසුතාවයට පත්වන බවයි.

එසේ පැමිණියත් වනෝද්‍යානය තුළට පිවිසීමට සවස හතර පමණ වීම නිසා අලින් නැරඹීමේ අවස්ථාව අහිමි වන බව ඔවුන් පෙන්වා දෙනවා.

වනෝද්‍යානයේ අලි බැලීමේ හොඳම වේලාව සවස දෙකත් පහත් අතර පමණ කාලය නිසා වැඩි වෙලාවක් ඔවුන්ට අවශ්‍ය වන අලින් නැරඹීමේ ස්ථානවල ගත කිරීමට නොහැකි වීම නිසා කණගාටුව ප්‍රකාශ කරන බවයි සංචාරක ජීප් රථ හිමියන් සහ මග පෙන්වන්නන් වැඩිදුරටත් පවසන්නේ.

මේ සම්බන්ධව කවුඩුල්ල ජාතික වනෝද්‍යානය භාරකාරවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ නිලධාරීන්ගේ හිඟතාවය නිසා ප්‍රමාණවත් ටිකට් කවුන්ටර් කිහිපයක් විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඊට අමතරව වෙනත් කවුන්ටරයක් දැමීමේදී අවශ්‍ය පරිගණක පහසුකම් ද දැනට නොමැති බවයි වනෝද්‍යානයේ නිලධාරීන් සඳහන් කරන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙසේ විශාල මුදලක් දෛනිකව හිමිවන මෙවන් ස්ථානවලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙන්නේ නම් සචාරකයින්ට අවශ්‍ය ටිකට් පත් සුළු මොහොතක් තුළදී ලබාදීමට හැකියාව ඇති බවයි.

දැනට පවතින තත්ත්වය තුළ විනාඩියකට නිකුත් කළ හැක්කේ ප්‍රවේශ පත්‍ර දෙකක් පමණක් බව පවසන වනෝද්‍යාන නිලධාරීන් පවසනවා.

සංචාරක මඟ පෙන්වන්නන් සහ සංචාරකයින් , බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩින මෙන් මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙසයි .

 

 

Share This