සංචාරක සබ්මැරීනය සොයා මෙහෙයුම් කටයුතු තවදුරටත්

සංචාරක සබ්මැරීනය සොයා මෙහෙයුම් කටයුතු තවදුරටත්

අතුරුදන් වූ සංචාරක සබ්මැරීනය සෙවීමේ දී තවත් සැක සහිත ශබ්ද ඇසුණු බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා

කපිතාන් ජේමි ෆෙඩ්රික් පවසන්නේ ඔවුන් තවමත් ශබ්දය කුමක්දැයි නොදන්නා නමුත් ගලවාගැනීමේ කණ්ඩායම් එම ප්‍රදේශය පුරා සෝදිසි කරමින් සිටින බවයි

සෙවීම් කටයුතු පුළුල් වෙමින් පවතින බවත් ,ශුභවාදීව සහ බලාපොරොත්තු සහගතව සිටිය යුතු බවත් කපිතාන් ජේමි ෆෙඩ්රික් වැඩිදුරටත් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

අතුරුදන්වූ සබ්මැරීනයේ භාවිතයට ගැනීම සඳහා ඔක්සිජන් ඉතිරිව ඇත්තේ පැය 20කටත් වඩා අඩු කාලයකට බවයි විශ්වාසය පළ කරන්නේ

Share This