සංචාරක සීමා හේතුවෙන් රටවල් දෙකක මාස 20ක් වෙන්ව සිටි යුවළක් විවාහ දිවියට (PHOTOS)
කොවිඩ් සංචාරක සීමා නීති හේතුවෙන් මාස 20ක් වෙන්ව සිටි යුවලක් විවාහ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් ක්වාලි සහ එක්සත් රාජධානියේ පෙනි ස්ටීවන් මෙලෙස බකිංහැම්ෂයර්හිදී විවාහ වී තිබෙන බවයි පැවසෙන්නේ.
72 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් ක්වාලිට 69 හැවිරිදි පෙනි ස්ටීවන් වෙත යෝජනා කිරීමෙන් පසුව කාලයක් බලා සිටීමෙන් අනතුරුවයි මෙලෙස විවාහ වී තිබෙන්නේ.
ඕස්ට්‍රේලියාවේ සිටින ක්‍රිස්ගේ පවුල වෙනුවෙන් සහ විවාහ මංගල්ලයට සහභාගී වීමට නොහැකි වූ අය වෙනුවෙන් විවාහ මංගල්ලය සජීවීව විකාශය කර තිබෙනවා.
2015 මැයි මාසයේදී ස්පාඤ්ඤයේ Camino de Santiago හි ඇවිදීමට ගිය තනි ගමනකදී සිව්දෙනෙකුගේ මව වන පෙනි ස්ටීවන් හට ගෝල්ඩ් කෝස්ට් හි සිටි ක්‍රිස් හමුව තිබෙන බව සඳහන්.