ඉන්දීය අගමැති ධවල මන්දිරයේ දී මාධ්‍ය හමුවක

ඉන්දීය අගමැති ධවල මන්දිරයේ දී මාධ්‍ය හමුවක

එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවෙන් පසු මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීම සඳහා අවස්ථාවක් ලබාදීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර තිබෙන්නේ “අගමැති මෝදි සංචාරය අවසානයේ මාධ්‍ය හමුවකට සහභාගී වීම ගැන අපි කෘතඥ වෙනවා. එය වඩාත් වැදගත් යැයි සිතන අතර ඔහුත් එය වැදගත් යැයි සිතීම ගැන අපි සතුටු වෙනවා .”යනුවෙනුයි

අගමැති මෝදි සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුනත් 2014 වසරේ අගමැති ධුරයට පත් වීමෙන් පසු ඔහු එකදු මාධ්‍ය හමුවක් හෝ අමතා නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිත මෙම මාධ්‍ය හමුවේදී ඉතා සීමිත ප්‍රශ්න ගණනකට අවසර දී ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ

එක්සත් ජනපද ජනාධිපති බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සැමරුම් තිලිණ හුවමාරු කරගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This