සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අනුව ක්‍රියා කරන්න – අගමැති (වීඩියෝ)
රට පුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අදාළව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා අවධාරණය කරනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරින් අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, නාගරික පුනර්ජනන වැඩසටහන සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහනට සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මකට අදාළව ඒවා ක්‍රියාත්මක කරන ලෙසයි.
2024 වන විට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000ක් සාදා නිම කිරීමට අපේකෂා කරන බවත් නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.ඩී. ජාලියගම මහතා මෙහිදී අනාවරණ කළා.
නිවාස ඒකක 14,611ක් මේ වනවිටත් ජනතා අයිතියට පත්කර ඇති බවත්, ප්‍රධාන වශයෙන්ම කොළඹ අඩුපහසුකම් නිවාස බවට පත් කිරීම මෙහි අරමුණ බවයි ඒ මහතා මෙහිදී සඳහන් කළේ.
චීන ප්‍රධාන යටතේ නිවාස 1996ක් ලැබී ඇති බවත්, ඒවා දෙමටගොඩ, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත බවත්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති 2024 වර්ෂය වන විට අවසන් කිරීමට සැලසුම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා මෙහිදී අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.
ඡ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා කරුණු විමසූ අතර, ඒ අනුව නිවාස 108ක් කොට්ටාවේ ඉදිවන බව නිලධාරින් අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දුන්නා.
ආණ්ඩු මාරුවනවිට වෙනස් නොවන ජාතික සැලැස්මකට අනුව රට සංවර්ධනය විය යුතු බවත්, අවුරුදු 10ක් හෝ එක දිගට ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක් අත්‍යවශ්‍ය බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපකෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා.
ඒ අනුව ජාතික සැලැස්මට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා මෙහිදී අවධාරණය කළේ.
මේ අතර, රාජ්‍ය සිනමා උපදේශන මණ්ඩලය විසින් සම්පාදිත සිනමා ජාතික ප්‍රතිපත්තිය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා වෙත පෙළිගැන්වූවා.
සිනමා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට නියාමන අධිකාරිය පිහිටුවා ඇති බවයි රාජ්‍ය සිනමා උපදේශන මණ්ඩලයේ සභාපති ගාමිණී වේරගම මහතා පැවසුවේ.
චිත්‍රපට කර්මාන්තය කර්මාන්තයක් ලෙස ශක්තිමත් කරමින් නිදහසේ වර්ධනය වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම ඇතුළු අරමුණු 10ක් සිනමා ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කර තිබෙනවා.