සඟවා තිබූ තවත් වී තොගයක් සොයා ගැනේ
අනුරාධපුර, පරසන්ගස්වැව, පණ්ඩුකාභය පුර ප්රදේශයේ පිහිටි රජයේ ලියාපදිංචි නොකළ ගබඩාවක සඟවා තිබූ වී කිලෝග්රෑම් ලක්ෂ දෙකහමාරක් පාරිභෝගික අධිකාරිය සොයා ගෙන තිබෙනවා.
අනුරාධපුර දිස්ත්රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සිදු කළ මෙම වැටලීමේදී ඔවුන් සිය භාරයට ගත් මෙම වී තොග, ලොරි රථ මගින් ප්රවාහනය කර වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත භාරදීමට කටයුතු කළ බවයි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසුවේ.
නාඩු, සම්බා සහ කීරි සම්බා ඇතුළු වී වර්ග කීපයක් ඒ අතර පවතිනවා.