
සජබ කොළඹ පුරපති සටනට වෛද්‍ය රුවේස් හනීෆා පත්කරයි
සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර තිබෙනවා.
ඒ මහතාව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි.
ඒ නිසා වෛද්‍ය රුවේස් හනීෆා මහතා මේ සඳහා ඉදිරිපත් කරන බවද සඳහන්.
තවද හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.