සටන් අතරතුර හිටපු සුඩාන ජනපති නිදහස ලබලා ද ?

සටන් අතරතුර හිටපු සුඩාන ජනපති නිදහස ලබලා ද ?

සටන් ආරම්භ වීමට පෙර හිටපු සුඩාන ජනාධිපති ඕමාර් අල්-බෂීර් බන්ධනාගාරයේ සිට හමුදා රෝහලකට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

1989 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් බෂීර් 2019 දක්වා සුඩානය පාලනය කළ අතර ඔහුට එරෙහිව පැවති විරෝධතාවලින් පසුව ධූරයෙන් නෙරපා හරිනු ලැබුවා

ඔහු නෙරපා හැරීමෙන් පසුව,දූෂණ චෝදනාවට වරදකරු වීමෙන් වසර දෙකක සිර දඬුවමකට යටත්වුණා

මේ අතර හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බෂීර් සහ තවත් පිරිසක් කාර්ටූම් අගනුවර අසල කෝබර් බන්ධනාගාරයේ සිට වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිර්දේශය මත හමුදා රෝහලකට මාරු කර ඇති බවයි.

බන්ධනාගාරයට එල්ල වූ ප්‍රහාරයක දී බෂීර් නිදහස් වන්නට ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා

Share This