සටන් දිගටම පැවතුනහොත් ගාසා තීරය සාගතයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

සටන් දිගටම පැවතුනහොත් ගාසා තීරය සාගතයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය දිගටම පැවතුනහොත් ගාසා තීරය සාගතයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා .

දළ වශයෙන් 500,000 පමණ පුද්ගලයින් ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින බවයි එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා ඒජන්සිය තහවුරු කරගෙන තිබෙන්නේ

ඔවුන් පවසන්නේ දළ වශයෙන් මිලියන 2.2 ක ජනගහනයක් සිටින ප්‍රදේශයේ මුළු ජනගහනයම උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බවයි.

ගාසා තීරයේ කිසිවෙක් කුසගින්නෙන් ආරක්ෂා නොවන අතර ගාසා තීරයට සැපයුම් ගලා ඒමට සහ සිවිල් වැසියන්ට ජීවිතාරක්ෂක ආධාර ආරක්ෂිතව ලබා ගැනීමට දැන් මානුෂීය ප්‍රවේශය අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) සින්ඩි මැකේන් සඳහන් කරනවා

Share This