සටන් විරාම ද නොතකා සුඩාන සටන් දිගටම -මිය ගිය ගණන 413ක් දක්වා ඉහළට

සටන් විරාම ද නොතකා සුඩාන සටන් දිගටම -මිය ගිය ගණන 413ක් දක්වා ඉහළට

සුඩානයේ ප්‍රතිවාදී හමුදා අතර ඇති වූ ගැටුම්වලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 413 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

හත්වන දිනටත් මෙම සටන් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 3,551ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පැය 72ක සටන් විරාම කැඳවීමක් නොතකා, කාර්ටූම් අගනුවර Rapid Support Forces (RSF) නමින් හැඳින්වෙන අවි ගත් කණ්ඩායමට එරෙහිව මෙහෙයුම් දිගටම කරගෙන යන බව සුඩාන හමුදාව පවසා තිබෙන බව සෞදි අරාබියට අයත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් විසින් වාර්තා කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This