සටන් විරාමයේ ආරම්භක වේලාව පැය 24ක් ඇතුළත ප්‍රකාශයට

සටන් විරාමයේ ආරම්භක වේලාව පැය 24ක් ඇතුළත ප්‍රකාශයට

සටන් විරාමයේ ආරම්භක වේලාව පැය 24ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කටාර් රාජ්‍යය පවසනවා

දිගු කිරීමට යටත්ව විරාමය දින හතරක් පවතිනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෙම ගනුදෙනුව මගින් මානුෂීය, වෛද්‍ය සහ ඉන්ධන ලොරි සිය ගණනකට ඊජිප්තුවේ රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයේ සියලුම ප්‍රදේශවලට ඇතුළු වීමට ඉඩ සලසනවා

ඒ සඳහා සූදානම් වීමට සහන ආයතන කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

රෝහල් ජනන යන්ත්‍ර, ජල ලවණ ඉවත් කිරීම සහ අපද්‍රව්‍ය පහසුකම් සඳහා අතිශයින් අවශ්‍ය වන ඉන්ධන පවතිනු ඇත්තේ විරාමය පවතින තාක් කල් පමණක් බවද සඳහන්

මෙම ගිවිසුම බොහෝ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් නවතා ගාසා තීරයේ ජනතාවට උතුරේ සිට දකුණට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසා දෙනු ඇති

කෙසේවෙතත් උතුරේ සිට අවතැන් වූ සිය දහස් ගණන් පලස්තීනුවන්ට ආපසු සිය රට බලා යාමට ඉඩ නොදෙන බවද පැවසෙනවා

මේ අතර ගනුදෙනුවේ කොටසක් ලෙස ගාසා තීරයට වැඩි මානුෂීය ආධාර ලබා දීම සහතික කිරීම ගැන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ප්‍රශංසා කර තිබෙනවා .

ජෝ බයිඩන් පවසන්නේ මෙම විරාමය “ගාසා තීරයේ අහිංසක පලස්තීන පවුල්වල දුක් වේදනා සමනය කරනු ඇති” බවයි.

සති ගණනක් වහල්භාවයේ සහ කිව නොහැකි දුක්ඛිත තත්ත්වයන් විඳදරාගත් සමහර ප්‍රාණ ඇපකරුවන් ගනුදෙනුව ක්‍රියාත්මක වූ පසු ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක්වීම ගැන අසාමාන්‍ය ලෙස සතුටට පත්වන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා

 

Share This