සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය මත සුඩානයේ ආධාර බෙදා හැරීමට පියවර

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය මත සුඩානයේ ආධාර බෙදා හැරීමට පියවර

සුඩානයේ ජීවිතාරක්ෂක ආධාර බෙදා හැරීම නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව නවතම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය මත තීරණය වන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සඳහන් කර තිබෙනවා

සටන් වදින කණ්ඩායම් දෙකම බ්‍රහස්පතින්දා සිට දින හතක සටන් විරාමයකට එකඟ වී ඇති නමුත් පෙර සටන් විරාම නැවත නැවතත් උල්ලංඝනය කර තිබීම ආධාර බෙදාදීමට බලපෑ හැකි බවයි පැවසෙන්නේ.

සරණාගතයින්ට මෙන්ම ප්‍රචණ්ඩත්වය නිසා අවතැන් වූ පුද්ගලයින්ට හදිසි ආහාර බෙදා හැරීමට ආයතනය ප්‍රමුඛත්වය දෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

බටහිර ඩාර්ෆූර් කලාපයේ ගබඩාවලින් ටොන් දහස් ගණනක් ආහාර කොල්ලකෑමෙන් මෙහෙයුම්වලට බාධා පැමිණ ඇති බවද වාර්තා වනවා

Share This