සත්ත්ව ලෝකයේ වාර්තා වන සමලිංගික හැසිරීම් ඉහළට

සත්ත්ව ලෝකයේ වාර්තා වන සමලිංගික හැසිරීම් ඉහළට

මේ වනවිට සත්ව ලෝකයේ සත්ත්ව විශේෂ 1500කගේ පමණ සම ලිංගික හැසිරීම් වාර්තා වී ඇති බව සත්ත්ව විශේෂඥයින් පවසනවා.

කෙසේ වෙතත් නව අධ්‍යයන වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ සත්ත්ව සමලිංගික හැසිරීම් ඉතා අඩුවෙන් වාර්තා වී ඇති බවයි.

සතුන්ගේ මෙම සමලිංගික හැසිරීම් පිළිබඳ නිරීක්ෂණ 1700 සහ 1800 වර්ෂවල සිට නිරීක්ෂණය වී තිබෙනවා.

නමුත් මෙම හැසිරීම් පිළිබඳව සිදුකළ පර්යේෂණවල ප්‍රගතියක් ලබාගැනීමට හැකිවී ඇත්තේ 20 සහ 21 වැනි සියවස්වලදී බව සඳහන්.

PLOSone සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක, සත්ව හැසිරීම් අධ්‍යයනය කරන විශේෂඥයින් පෙන්වා දෙන්නේ සමලිංගික ලිංගික හැසිරීම් පිළිබඳ ඔවුන්ගේ නිරීක්ෂණ ඉතා අඩුවෙන් සටහන් වන බවයි.

මෙම පර්යේෂණය සඳහා Toronto විශ්වවිද්‍යාලය, Northwestern විශ්වවිද්‍යාලය සහ Warsaw විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් හවුල් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අධ්‍යනය සඳහා ප්‍රවීණයන් 65 දෙනෙකු සහභාගී වී ඇති අතර ඔවුන්ගෙන් 77%ක් තමන් අධ්‍යයනය කළ සත්ත්ව විශේෂවල සමලිංගික ලිංගික හැසිරීම් නිරීක්ෂණය වූ බව සොයාගෙන තිබෙනවා.

නමුත් මෙම හැසිරීම් පිළිබඳ දත්ත රැස් කර ගැනීමට හැකි වී ඇත්තේ 48% ක් පමණක් වන අතර සිදුවන සමලිංගික හැසිරීම් ඊට වඩා වැඩි ප්‍රතිශතයක් ගන්නා බවයි අදාළ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත්තේ.

මෙම සම ලිංගික හැසිරීම් සත්ව ලෝකයේ දුර්ලභය යන මතය මානව සමලිංගිකත්වයේ ආචාර ධර්ම පිළිබඳ වාද විවාදවලදී නිරන්තරයෙන් භාවිතා කර තිබෙනවා.

ඒ අනුව සම ලිංගික ක්‍රියා වාර්තා වන ප්‍රමාණයන්ට වඩා අධික ලෙස සිදුවන බවයි මෙම අධ්‍යයනය සඳහා එක්වූ පර්යේෂකයින් අවසන් වශයෙන් පෙන්වා දී ඇත්තේ.

Share This