
සත්ත්ව සංගණනයට මෙහෙයුම් මැදිරියක්
බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.
වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමේ මූලික පියවරක් වශයෙන් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි වන සත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුවක් පත්කෙරුණා.
එම විශේෂ කමිටුවේ උපදෙස් පරිදි වගාවට වැඩි වශයෙන් හානි කරන වඳුරා, රිලවා, මොනරා සහ දඞුලේනා යන සත්වයන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි ගණනය කිරීම සඳහා වන සත්ව සංගණනයක් සිදු කිරීමට යෝජනා වුණා.
ඒ අනුව එළඹෙන මාර්තු මස 15 වන දින පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම සංගණනය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බව සඳහන්.
සත්ත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරියක් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මේ වනවිට ස්ථාපිත කර ඇති අතර සත්ත්ව සංගණනයේදී යම් ගැටලුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව විමසීමක් සිදු කිරීමට අද සිට 15 දින දක්වා මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
යම් ගැටලුවක් වෙතොත් මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011- 2034336 අමතා විමසීමක් කළ හැකියි.
වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව තමන් වෙත ලැබී නොමැති නම්, ඒ පිළිබඳව කලබල නොවී අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනවා.