සත්ත්ව සංගණන වාර්තාව අද

සත්ත්ව සංගණන වාර්තාව අද

වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) ලැබීමට නියමිත බව අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා

ඒ අනුව රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනුන් යන වගා හානිවලට ඍජුව සම්බන්ධ වනසතුන් සංගණනය කිරීමයි පසුගිය 15 වනදා පියවර ගැනුනේ

එමෙන්ම එය සම්පූර්ණ නිරවුල් වාර්තාවක් ලෙස සැලකිල්ලට ගත නොහැකි බවත් තවත් කිහිප අවස්ථාවකදීම අදාළ සංගණන කටයුතු සිදු කළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා

අනතුරුව වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතව තිබෙනවා

Share This