සති දෙකක් තුළ උතුරු ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට

සති දෙකක් තුළ උතුරු ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට

උතුරු ඉන්දියාවට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සති දෙකක කාලයක් තුළ පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා.

අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයට සිදුව ඇති අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වසා දැමීමට ද ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share This