සතොසේ සහන මල්ල ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා (වීඩියෝ)
ලංකා සතොස මඟින් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදෙන සහන මල්ලේ සඳහන් කළ පරිදි භාණ්ඩ නොමැති බව පාරිභෝගිකයින් චෝදනා කරනවා.
ඇතැම් පාරිභෝගිකයින් මැසිවිලි නගන්නේ සහන මල්ල බොහෝ සතොස අළෙවිසැල්වල නොමැති බවටයි.
නඩු සහල් කිලෝ ග්‍රෑම් 05ක්, සම්බා සහල් කිලෝ ග්‍රෑම් 05ක්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක්, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් සහ තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 1950ක මුදලකට ලබාදීමටයි වෙළඳ අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇත්තේ.