සතොස මුල් පුටු දෙකක සේවය අත්හිටුවයි (වීඩියෝ)
වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සභාපතිවරයා සහ ප්‍රවාහන කළමණාකාරවරයාගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
එම ආයතනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් මෙලෙස ඔවුන්ගේ සේවය අත් හිටුවීමට තීරණය කළ බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.
සතොස ආයතනයේ සිදු වූ බව කියන, හඬ පටයකින් හෙළි වූ රුපියල් කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුළු මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා තිබෙනවා.
2019 සිට 2021 දක්වා වූ කාලයසීමාව තුළ මෙම අයථා ගනුදෙනුව සිදුව ඇති බව සඳහන්.