සද්භාවයෙන් ඇරඹු කාබනික වගා ව්‍යාපෘතියට උදව් නොකළ අමාත්‍යාංශය

සද්භාවයෙන් ඇරඹු කාබනික වගා ව්‍යාපෘතියට උදව් නොකළ අමාත්‍යාංශය

තමා සද්භාවයෙන් ආරම්භ කළ කාබනික වගා ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා

බලාපොරොත්තු වූ දේ කිරීමට එමගින් හැකියාව නොලැබුණු බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ  ඊයේ (27) පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

කාබනික වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් සහ ජනතාව දැනුවත් නොකළ බව කී ජනාධිපතිවරයා විෂයභාර ඇමැතිවරයාට පමණක් එය තනිව කළ නොහැකි බව ද සඳහන් කරනු ලැබුවා..

කාබනික පොහොර වැඩසටහන යටතේ සියයට තිහක් කාබනික පොහොර භාවිතයෙන්ද ,සියයට හැත්තෑවක් රසායනික පොහොර භාවිතයෙන් ද සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය මුලින් පැවසුවද පසුව ඒ දෙකේ මිශ්‍රණයක් ලෙස සිදු කරන්නට ඔවුන් කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

රසායනික පොහොර ආනයනය නම් කරනු ලැබුවේ කාබනික පොහොර වැඩසටහන ආරම්භ කර වසරකට පසුව බව ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා

චීන පොහොර නැවේ ප්‍රමිතිය සහතික කිරිමට පෙර බැංකුවේ එල් සී විවෘත කිරීම වැරදි බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

තමා ජනාධිපති ධුරයට පත් වන විට වී සඳහා පැවැතුණේ රුපියල් 30 ක මිලක් බවත් තමා එය රුපියල් 50 දක්වා වැඩි කළ බවත් ,එමගින් ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණු බවත් ජනාධිපතිවරයා පවසනවා

තමා විවේචනය කරන අය ගොවීන්ට ලැබුණු වාසිය ගැන කිසිවක් කථා නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

Share This