සන්නද්ධ කණ්ඩායම්වලට ආයුධ බිම තබන ලෙස කෙන්යාවේ ජනපතිගෙන් ඉල්ලීමක්
කෙන්යාවේ ජනාධිපති Uhuru Kenyatta ආයුධ බිම තබා “සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා” රජය සමඟ එක්ව කටයුතු කරන ලෙස නැගෙනහිර කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ සන්නද්ධ කණ්ඩායම්වලින් ඉල්ලා තිබෙනවා
සන්නද්ධ කණ්ඩායම්වල නියෝජිතයන් ඩීආර් කොංගෝ නිලධාරීන් සමග සෘජු සාකච්ඡා සඳහා කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහිදී රැස්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මේ සඳහා කණ්ඩායම් 20කට වැඩි ප්‍රමාණයක් නියෝජනය වන බවද සඳහන්.
මෙම සාකච්ඡා මෑතදී නැගෙනහිර අප්‍රිකානු රාජ්‍ය නායක සමුළුවේදී සම්මත වූ යෝජනාවල කොටසක් බවයි පැවසෙන්නේ
සාකච්ඡාවට සහභාගි නොවන කණ්ඩායම්වලට එරෙහිව යුදමය වශයෙන් කටයුතු කරන බවද සඳහන්
එමෙන්ම කොංගෝවේ නැගෙනහිර ඩීආර් කොංගෝවේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් සමඟ කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ හමුදා බලකායක් යෙදවීමට නැගෙනහිර අප්‍රිකානු රාජ්‍ය නායකයින් එකඟ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.