සන්සුන්ව කටයුතු කරන්නැයි ඊශ්‍රායලයෙන් හා පලස්තීනයෙන් ඉල්ලීමක්

සන්සුන්ව කටයුතු කරන්නැයි ඊශ්‍රායලයෙන් හා පලස්තීනයෙන් ඉල්ලීමක්

ඊශ්‍රායල – පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක Arindam Bagchi මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්, විසඳුමක් සාක්ෂාත් කර ගැනීම සඳහා දෙරට අතර සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ සියලු උත්සාහයන්ට සහය දැක්වීමට ඉන්දියාව කැපවී සිටින බව පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පැහැදිලි සහ ස්ථාවර බව ද මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණා.

මෙම සංවේදී අවස්ථාවේදී සන්සුන්ව සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔහු මෙම අදහස් පළ කළේ ඊශ්‍රායලයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ජෙරුසලමේ පැරණි නගරයේ අල්-අක්සා පල්ලියට කඩා වැදී පලස්තීනුවන් 350 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

Share This