සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමඟ විදුලි අර්බුදය තවදුරටත් – ඛනිජ තෙල් හා විදුලි සේවා සංගම් කියයි (වීඩියෝ)

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමඟ විදුලි අර්බුදය තවදුරටත් – ඛනිජ තෙල් හා විදුලි සේවා සංගම් කියයි (වීඩියෝ)

පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ අද (20) මධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමඟ විදුලි අර්බුදය තවදුරටත් ඉහළ යා හැකි බව ඛනිජ තෙල් හා විදුලි සේවා සංගම් පවසනවා.

පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ඛනිජ තෙල් සංස්ථාව මගින් පිරවුම්හල් වෙත සපයන ඉන්ධන තොග සීමා කිරීම හේතුවෙන් තවදුරටත් ජනතාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසළ දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ උණුසුම් තත්ත්වයක්ද සිදුව ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසියද යොදවා තිබෙනවා.

මේ අතර ඉන්ධන අර්බුදයට පිළියම් ලෙස ඉන්දියාවෙන් ගෙන්වන ලද ඉන්ධන තොග අද (20) දින මෙරටට ළඟා වීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ඉන්ධන නොලැබීම හමුවේ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 300 ක සම්පූර්ණ විදුලි ජනන පද්ධතිය ද ඇණහිටී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් විදුලි අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි විදුලි වෘත්තීය සංගම් පවසන්නේ.

 

Share This