සපුගස්කන්ද යළිත් අවදානමේ (වීඩියෝ)
සපුගස්කන්ද බලාගාරයේ ජනන යන්ත්‍ර දෙක ඉන්ධන තොග නොමැතිවීමෙන් පැය 8 ත්, 20 අතර කාලවල දී ඇණහිටීමේ අවධානමක් පවතින බව විදුලි බල අමාත්‍යංශය පවසනවා.
මේ අතර විදුලි ඉංජිනේරු සංගමේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා ප්‍රකාශ කළේ ඊයේ (20) රාත්‍රියේ දී කැලණිතිස්ස බලාගාරයේ ජී.ටී. 7 ජනන යන්ත්රයේද හදිසි බිඳ වැටීමක් සිදුවූ බවයි.
බලශක්ති අමාත්‍යංශය මගින් නිකුත් කළ ඉන්ධන ටොන් දස දහස කැලණිතිස්ස බලාගාරයට ලැබීමෙන් අනතුරුව එහි ජනන ක්‍රියාවලිය ඊයේ (20) සිට ආරම්භ කෙරුණා.
ඒ අනුව මෙගාවොට් 282 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණා.
ජනන ක්‍රියාවලිය සිදුවන අවස්ථාවේ මෙගාවොට් 163 ජනන යන්ත්‍රය හදිසියේ බිඳ වැටීමක් සිදුවූ අතර එය ඊයේ රාත්‍රියේ යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ජනන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.
එහෙත් ජී.ටී. 7 බලාගාරය හදිසි නඩත්තු කටයුත්තක් සඳහා ඊයේ (20) රාත්‍රියේ නවතා දමා ඇති අතර එය අද (21) අලුයම වන විටත් යථා තත්ත්වට පත් කිරීමට නොහැකිවූ බවයි ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා කියා සිටියේ.
මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ජනන යන්ත්‍රවල බිඳ වැටීම් සිදු නොවන්නේ නම් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දිය හැකි බවයි.
මේ අතර සපුගස්කන්ද බලාගාරය යළිත් ඉන්ධන අර්බුදයකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
සපුගස්කන්ද බලාගාරය ඊයේ උදෑසන ඇණ හිටී තිබූ අතර බලශක්ති අමාත්‍යංශය මගින් ලබාදුන් දැවි තෙල් මෙට්‍රික් ටොන් 300 ත් සමඟ එය යළි ක්රියාකාරීත්වයේ පැවැතුණා.
කෙසේ වෙතත් සපුගස්කන්ද බලාගාරයේ ඒ ජනන යන්ත්‍රය සඳහා පැය 8 කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් බී ජනන යන්ත්‍රය සඳහා පැය 20 කට ප්‍රමාණවත් ඉන්ධන තොග තිඛෙන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘෘ නවමුණි මහතා කියා සිටියේ අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යංශය සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.